ශ්‍රීල­නිප සියලු සංවි­ධා­ය­ක­යන්ට කොළ­ඹට කැඳ­වු­මක්

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­යන්, ආසන සංවි­ධා­ය­ක­ව­රුන්(30) කොළ­ඹට කැඳවා ඇත.

පක්ෂයේ සභා­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා හා පක්ෂයේ අනෙ­කුත් ප්‍රධා­නී­න්ගේද සහ­භා­ගි­ත්ව­යෙන් (30) පැවැ­ත්වෙන විශේෂ රැස්වී­මක් සඳහා මෙලෙස දිස්ත්‍රීක් සංවි­ධා­ය­ක­යන් හා ආසන සංවි­ධා­ය­ක­යන් කැඳවා ඇත.

මේ විශේෂ රැස්වීම (30) පෙර­වරු 10.00ට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ කාර්යා­ල­යේදී පැවැ­ත්වී­මට නිය­මිත වේ. මෙහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන්ද අව­ධා­නය යොමු කිරී­මට නිය­මිත බව වාර්තා වේ.