රනිල් දිනන්නේ 25% කින් 30% කින් නෙවේ ඡන්ද ලක්ෂ 100 කට එහා අරගෙන – පී. හැරිසන්

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ 25% කින් 30% කින් නොව අඩුම ඡන්ද ලක්ෂ 100 ක් රැගෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා.

රට වැටුණු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සිටියේ මේ අවස්ථාවෙ රට භාරගෙන සෑදිය නොහැකි යන මතයේ බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඔහුට උපදෙස් ලබාදුන් ආර්ථික විශේෂඥයින්ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට උපදෙස් ලබාදුන්නේ මේ අවස්ථාවේදී රට භාර නොගන්නා ලෙස බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.