මාර්තු මාසයේ දින 27 ක් තුළ සංචාරකයින් 181,872 ක් දිවයිනට

2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය හා ප්‍රංශය යන රටවල් ඉදිරියෙන් සිටිනවා.

අදාළ වාර්තාව පහතින්. 

news images
news images
news images