නළ නඩ­ත්තු­වක් නිසා මුහු­දු­බඩ දුම්රියේ හෙටත් සුළු ප්‍රමා­ද­යක්

මුහු­දු­බඩ දුම්රිය මාර්ගයේ හෙටද (31) දුම්රිය ධාව­නයේ යම් ප්‍රමා­ද­යක් සිදු විය හැකි බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. වැල්ල­වත්ත සහ කොටුව අතර දුම්රිය ධාව­නය එක් මංතී­රු­ව­කට සීමා කිරීම මීට හේතු වී ඇති බව ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් එම දෙපා­ර්ත­මේ­න්තුව පැව­සීය.

නාග­රික සංව­ර්ධන අධි­කා­රිය විසින් වැල්ල­වත්ත සහ බම්බ­ල­පි­ටිය දුම්රිය ස්ථාන අතර ඇති නළ මාර්ග­යක සිදු කරන නඩත්තු කට­යු­ත්තක් හේතු­වෙන් මේ පිය­වර ගැනී­මට සිදු වී තිබේ. හෙට (31) රාත්‍රි­යෙන් පසු මේ මාර්ගයේ දුම්රිය ධාව­නය යථා තත්ත්ව­යට පත් වනු ඇති බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දු­ර­ටත් පැව­සීය.