කලාතුරකින් සිදුවෙන දෙයක් ගැන නාසා ආයතනය කියයි

ලබන අප්‍රේල් මස 08 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය දුර්ලභ ආකාශ සිදුවීමක් ලෙස හැදින්වේ.

මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු අමෙරිකාවට පමණක් බව ඔවුන් සඳහන් කරයි.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් චන්ද්‍රියා ගමන් කරද්දී ය.

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර උතුරු අමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ තවත් වසර 20කින් බවත් ඒ අනුව 2044 දී බවත් නාසා ආයතනය සදහන් කර සිටියි.

2024 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය මාර්තු 25වැනිදා ලොවට පෙනීමෙන් පසුව අප්‍රේල් දෙවන සතියේ සිදුවන මෙම පූර්ණ සූර්යග්‍රහණය 2024 පළමු සූර්යග්‍රහණය වනු ඇත.