මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හෙටද (31) දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරීම මීට හේතු වී ඇති බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුව පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නළ මාර්ගයක සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ පියවර ගැනීමට සිදු වී තිබේ. හෙට (31) රාත්රියෙන් පසු මේ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.