IPL Match Summary: Rajasthan Royals කණ්ඩායමට ජය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් Delhi Capitals කණ්ඩායම පරදා ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් Delhi Capitals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Delhi Capitals කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173 ක් පමණයි.