විශේෂ වෙළඳ භාණ්ඩ අඩු කළේ වරායේ සිරව ඇති සහල් තොගය නිදහස් කිරීමට පමණයි – මුදල් රාජ්‍ය ඇමති

සහල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩු කිරීම හේතුවෙන් ගොවීන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මීට පෙර කීරි සම්බා ආනයනට ලබාදුන් කෙටි කාලීන අවසරය මත ගෙන්වන ලද සහල් තොගයක් මේ වන විට වරාය තුළ සිරවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව වරාය තුළ සිරවී ඇති සහල් තොගය සඳහා පමණක් මෙම බදු අඩු කිරීම සිදුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.