මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් (29) සමරනු ලබනවා.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුණුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදා​ණන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදි ආගමික වතාවත්වල නිරත වනවා.

ඉන් අනතුරුව අද දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම සිහිපත් කරන අතර, උන්වහන්සේ මරණයෙන් උත්ථාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය ලබන 31 වනදාට යෙදී තිබෙනවා.