බැසිල් දන්නවා ඊළඟ ඡන්දෙන් රාජපක්ෂවරුන්ට නැව​ත බලයට එන්න බෑ කියලා – පාඨලී

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර අනිවාර්යෙන් පැවැත්වෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා.

රාජපක්ෂවරුන්ට ඊළඟ මැතිවරණයෙන් බලයට පැමිණීමට නොහැකි බව බැසිල් රාජපක්ෂ දන්නා බවත්, ඊට පෙර ඔහු උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් තබා කෙසේ හෝ පාර්ලිමේන්තුවට යාමට බවයි ඔහු සඳහන් කළේ.

වැදගත් වන්නේ රාජපක්ෂවරුන් 5ක් පාර්ලිමේන්තු යැවීමද නැතහොත් ජුනි මාසයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර රට ස්ථාවර කිරීමද යන්න සිතා බැලිය යුතු බවද, බල ලෝභය මුල් කර ගනිමින් සිය පවුල ගලවා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඊට වැඩි ‌දේශද්‍රෝහී කමක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.