පාස්කු දේව මෙහෙයට ගිය බසය පෙරළී 45ක් මරුට

දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට ඇදවැටී අනතුර සිදුව ඇත.

එම අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර ඇය බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඇයව ගුවන් මගින් රෝහල වෙත ගොන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බස් රථය ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති බවයි.