එළඹෙන අඟහරුවාදා සිට යළිත් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කරයි

එළඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 3 ක් හැර අනෙක් සියලු වෘත්තීය සමිති අත්හිටවූ අඛණ්ඩ වර්ජනය ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කිරීමට ඒකමතිකව තීරණය කළ බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

කෙසේ නමුත් ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, මානසික සෞඛ්‍ය විද්‍යාතනය වැනි ස්ථානවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.