ඇල්පිටි​යේ PHI නිලධාරී ඝාතන විමර්ශන​ය CID වෙ​ත භාරදෙයි

ඇල්පිටිය ප්‍රදේශයේදී  PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර තිබූ අතර සැකකරුවන් පළාගොස් තිබුණා.