මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් – ජනපති

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත්  මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ  විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල”   ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට (27) පෙරවරුවේ එක් වෙමින්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 

news images
news images
news images