චීන ජනාධිපති හා ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පින් හා ‍ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් (27) සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟ වූ බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ද්විපාර්ශික සබඳතා, රටවල් අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ඵලදායීත්වය මත පැවැත්විය යුතු බව අවධාරණය කරමින් එම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීම දෙරටම හොඳ ආදර්ශයක් සපයන බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කර ඇති බවයි වාර්තා වෙන්නේ.