කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන් මෙලෙස තරගය අහිමිවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.