පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රයෝජනයක් ගත්තොත් හොඳයි – එස්.එම්. චන්ද්‍රසේන

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රයෝජනයක් ගතහොත් එය ඔහුට වාසිදායක වන බවයි (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේ සිදුකළ හොත් වත්මන් ජනාධිපතිවරයාටද අවධානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.