නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ පත්කර තිබෙනවා.

එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක සඳහන් කළේ.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.