ඥා​ණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

ගලබොඩඅත්තේ ඥා​ණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා‌ගෙන ගොස් තිබුණා.