ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කෙරේ

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් මෙලෙස බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවත්, දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් ඔහු වැඩිදුටරත් සඳහන් කරනවා.