ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ දොන් නන්දසේන අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නුවරඑළිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහනවිටගේ දොන් නන්දසේන නමැති සැකකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

ඉන්දියාවේ කලක් සැඟව සිටි සැකකරු මෙරටට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.