රනිල් කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුකූලව – පාලිත රංගේ බණ්ඩාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුකූලව බව එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඒ අනුව ව්‍යවස්ථානුකූව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සැප්තැම්බර්, ඔක්තෝබර් කාලය අතරතුර පැවැත්වෙන බවට බලාපොරොත්තු විය හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු යැයි පවසන බව විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ, එසේ නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩකල යුතු බවයි.