ජාතික අවම වැටුප රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12500 ලෙස නියම කරනු ලැබ තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් එම වැටුප රුපියල් 17500ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර ඇති අතර, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබෙනවා.

අදාළ කැබිනට් තිරණය පහතින්. 

news images
news images