IPL Match Summary: Chennai Super Kings කණ්ඩායමට විශිෂ්ට ජයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් Gujarat Titans කණ්ඩායම පරදා ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat Titans කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

පන්දු යැවීමේදී Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.