රාජ්‍ය සේවක වැටුප් අප්‍රේල් 10 වනදාට පෙර ගෙවීමට කටයුතු කරනවා – මුදල් රාජ්‍ය ඇමති

රජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුප් එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වසර 2024 අයවැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් 5000 අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.