රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි – අනුර

රට සහ ජනතාව අද පත්ව ඇති ඉරණමට ඇද දමනු ලැබුවේ මෙරට පැවති දේශපාලන අධිකාරිය විසින් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

(25) කැනඩාවේ Vancouver හීදී පැවති ශ්‍රී ලාංකීය ජන හමුවකදී ඔහු සඳහන් කළේ රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ එම දේශපාලන අධිකාරිය වෙනස් කිරීම බවයි.

ඒ වෙනුවට නව ජනතාවාදී දේශපාලන අධිකාරියක් ස්ථාපිත කිරීම ආරම්භය විය යුතු බවද, ඉන්පසු රට ගමන් කරමින් තිබෙන ආර්ථික පාරෙන් නව ආර්ථික පාරකට යොමු කිරීම සඳහා නව සැලැස්මක් ජාතික ජන බලවේගය සතු බවද ඔහු අවධාරණය කළා.

ඉදිරි මාස හය හත තුළ රට වෙනස් කිරීම සඳහා ධෛර්යයෙන් මැදිහත් වීමටද, ඒ හරහා ප්‍රභූ තන්ත්‍රය පරාජය කර රටට අත්වී තිබෙන ඉරණමෙන් රට මුදා ගැනීමටද, එකතු වන ලෙස දෙස් විදෙස් හි සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

news images
news images
news images
news images
news images