ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය වෙනස් කරන්න ජනාධිපතිවරයාට හෝ බැසිල් රාජපක්ෂට බෑ – පැෆ්රල්

මැතිවරණ අයිතිය ඇත්තේ දේශපාලන පක්ෂවලට හෝ දේශපාලඥයින්ට නොව ජනතාව බවට පැෆරල් සංවිධානය පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර දිනයක පැවැත්විය යුතු බවත් එය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ලයට හෝ බැසිල් රාජපක්ෂටද නොහැකි බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

එම කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවත්, ආණ්ඩුවට ජනාධිපතිවරණ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කළා.

යම් ලෙසක ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළහොත් පාරට බැස ඊට මුහුණ දීම සඳහා ශක්තිමත් පුරවැසි කණ්ඩායමක් රටතුළ දැන් සිටින බවත්, රජය මේ අවස්ථාවේ එවැනි ව්‍යවස්ථා විරෝධී කටයුත්තකට යොමු නොවනු ඇති බවට විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.