ඊළඟ ජනාධිපතිවරණයෙන් සජිත් රටේ ජනාධිපති වෙනවාමයි – තිස්ස අත්තනායක

රටේ ජනමතය ඇත්තේ සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස වටා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

සජිත් ප්‍රේමදාස රට භාරගන්නේ හොරකම් කිරීමට ඉඩදීමට නොව රට ගොඩනැගීම සඳහා බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමසාද ජනාධිපති බවට පත්වන බවට තමන් සහතික වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.