අවුරුදු 35ක භාවිතාවෙන් අපි ඔප්පු කරලා තියෙනවා 88/89ක් යළි ඇති වීමට ඉඩ නොදෙන බව – අනුර

තම ව්‍යාපාරය සෑම මිනිසෙකුටම සහ දරුවෙකුටම හොඳ අනාගතයක් සහ ජීවිතයක් ලැබිය යුතුයැයි විශ්වාස කරන මානවවාදී ව​මේ ව්‍යාපා​රයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එවැනි ව්‍යාපාරයක් අතින් සිදු නොවිය යුතු දේ 88/89 සමයේ සිදු වූ බවද, ඊට තම පාර්ශවයෙන් කෙතරම් හේතු කිව හැකි වුවත් දැන් ඉන් ඵලක් නොමැති බවද, එම සිදුවීම් පිළිබඳ තම ව්‍යාපාරයට කම්පනයක් සහ කණගාටුවක් තිබෙන බවද ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් තමන් 88/89 තුළ ජීවත් නොවන බවද, ගෙවුනු අවුරුදු 35 තුළ වූ තම භාවිතාව තුළ, යළි එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව සහ එම ඇති වූ තත්ත්වය වෙනස් කිරීමට තම ව්‍යාපාරය සූදානම් බව භාවිතාවෙන් ​ඔප්පු කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

පසුගියදා කැනඩාවේ Toronto හි පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.