අවුරුද්දට භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

උත්සව සමයේ ක්‍රියාත්මක “සේල්” නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි එහි තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ප්‍රකාශ කළේ.

දිවයිනේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට අනුයුක්ත කණ්ඩායම්වල නිලධාරීන් මෙම අවුරුදු කාලසීමාවේදී එලෙස භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සොයා දිගටම වැටලීම් සිදුකරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “1977” දුරකථන අංකයට අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.