අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 20 බැඟින් ලබාදීමට රජය තීරණය කරයි

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය වසරේ අඩු ආදයම්ලාභී පවුල් ලක්ෂ 28 කට සහල් බෙදීමට කටයුතු කළ බවත්, මෙම වසරේත් දිසාපතිවරුන් හරහා ගණනය කිරීමෙන් අනතුරුව පවුල් ලක්ෂ 28 කට සහල් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.