ජනපතිගේ ජන්ම දිනයට එක්සත් තරුණ බළකායෙන් විශේෂ ආශීර්වාද පූජාවක් ගංගාරාමයේදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය වෙනුවෙන් එක්සත් තරුණ බළකාය සංවිධාන කළ විශේෂ ආශීර්වාද පූජාවක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී (24) පැවැත්විණි.

එම ආශීර්වාද පින්කමෙන් පසු ගැබිනි මව්වරුන්ට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් පොත් පත් සහ පාසල් බෑග් බෙදා දීම සිදු කළ අතර, යූත් විෂන් 2048 සංවිධානය ද ඒ සඳහා සංවිධාන දායකත්වය දුන්නේය.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන සිටියහ.

කිරුළපන සහ නාරාහේන්පිටදී ද වියළි ආහාර ද්‍රව්‍ය සහ පාසල් පොත් පත් සහ බෑග් බෙදා දීම සිදු විය.