භීෂණ යුගයක් නැවත එන්න දෙන්නෙ නෑ.. ජනපති රනිල් ගෙන් තරුණයින්ට පොරොන්දුවක්!

‘තරුණ අපේ අනාගතය’ මැයෙන් තරුණ එකමුතුව (United Youth) විසින් සංවිධානය කළ

පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන අද පොළොන්නරුව සුදු අරලිය හෝටලයේ විවෘත අංගනයේ දී පැවැත්වුනු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම හමුව සඳහා සහභාගී වී ඇත.

ඊයේ සිට පොළොන්නරුවට ඇද හැලුනු අධික වර්ෂාව නිසා වැව් තාවුල්ලේ පැවැත්වීමට කටයුතු යෙදූ මෙම වැඩසටහන කල් දැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුනද ජනාධිපතිවරයා කියා ඇත්තේ එය වෙනත් ස්ථානයක හෝ අද දින පවත්වන ලෙස ය. ඒ අනුව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් ඔහුගේ සුදු අරලිය හෝටලය ඒ සඳහා ලබාදී ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1500කට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇත.

WhatsApp Image 2024 03 23 at 21.07.392

තරුණ එකමුතුව සංවිධානයේ වැඩසටහන දේශපාලන කතා පවත්වන ආකාරයෙන් සිදු නොවන අතර තරුණ තරුණියන් විසින් සෘජුවම ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීම මෙහි ඇති විශේෂත්වය වේ.

‘තරුණ එකමුතුව’ ජ්‍යෙෂ්ඨ අනුශාසක සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර විසින් අරමුණ පැහැදිලි කිරීමෙන් පසුව තරුණ තරුණියන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාව ඇරඹී ඇත.

WhatsApp Image 2024 03 23 at 21.07.461

ඒ අනුව අද දින විශාල තරුණ පිරිසක් තම ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත යොමු කළ බව වාර්තා වන අතර ඉන් ප්‍රශ්න සහ පිලිතුරු කිහිපයක් පහත වේ.

සර්… සංචාරකයින්ව  අලි බලන්නට කියල එක්ක යන්නෙ  යන්නේ හබරණට. ඒත්  අලි බලනවනම් ගම්වලටයි එන්න ඔින. මම දිඹුලාගල. අලි ඉන්නෙ අපේ ගම් ඇතුලෙ. සංචාරකයො ගමට එක්ක එනවනම් අඩු තරමෙ ගමේ මිනිස්සුන්ට කීයක් හරි හම්බ කරගන්නත් පුළුවන්…

ජනාධිපති –

ගම්වල අලි ඉන්න එක හොඳයිනේ.. දැන් ඉස්සරහට ඡන්දෙකුත් එනවනේ…ගමේ අලි වැඩිකරගන්න..

සර් මගේ පවුලෙ හය දෙනෙක් ජේවීපී එකෙන් මරල තියෙනව. අපේ ගෙවල් ගිනි තියල. අපි හරි අමාරුවෙන් ජීවත්වෙන්නෙ. මම ලෝ කොලේජ් ගියා කොහොම හරි.

ජනාධිපති –

තවම බයෙන් ද ජීවත්වෙන්නෙ?

ඒ ඇතිවෙච්ච භය  යන්නෙ නැහැ සර්…

ජනාධිපති –

බය වෙන්න එපා. ආයෙ භීෂනයක් එන්න දෙන්නෙ නැහැ. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කුඩු ප්‍රශ්නය. අපි ඒක ඉවර කරනවා. පොලිසියට දේශපාලනය කරන්න දෙන්නෙ නැහැ. පොලිසිය කරන්නෙ මහජන සාමය රකින එක. දැනටමත් ගම්වල හොරකම් 50%කින් අඩුවෙලා තියෙන්නෙ.

සර් මට සෘජුව උත්තරයක් දෙන්න.

මම කවදාවත් ඡන්දය පාවිච්චි කරල නැහැ. ඒත් මේ පාර සර්ට ඡන්දය දෙන්න ඔින කියල හිතුව. පළවෙනි වතාවට. මේ රට ගොඩගන්න සර්ට පුළුවන්ද? කෙලින් උත්තරයක් දෙන්න.

ජනාධිපති – ඔව්. මම මේ රට ගොඩගන්නව.

මෙම අවස්ථාව සඳහා යුනයිටඩ් යූත් සංවිධානයේ තරුණ නිළධාරී මණ්ඩලය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු පිරිසක්ද සහභාගී වී ඇත.

WhatsApp Image 2024 03 23 at 21.07.34
WhatsApp Image 2024 03 23 at 21.07.36
WhatsApp Image 2024 03 23 at 21.07.40
WhatsApp Image 2024 03 23 at 21.07.42
WhatsApp Image 2024 03 23 at 21.07.43
WhatsApp Image 2024 03 23 at 21.07.54
WhatsApp Image 2024 03 23 at 21.07.55
WhatsApp Image 2024 03 23 at 21.07.341
WhatsApp Image 2024 03 23 at 21.07.431
WhatsApp Image 2024 03 23 at 21.07.481
WhatsApp Image 2024 03 23 at 21.07.541
WhatsApp Image 2024 03 23 at 21.17.161
WhatsApp Image 2024 03 23 at 21.07.35
WhatsApp Image 2024 03 23 at 21.07.38
WhatsApp Image 2024 03 23 at 21.07.46
WhatsApp Image 2024 03 23 at 21.07.47
WhatsApp Image 2024 03 23 at 21.07.49
WhatsApp Image 2024 03 23 at 21.07.50
WhatsApp Image 2024 03 23 at 21.07.51
WhatsApp Image 2024 03 23 at 21.07.351
WhatsApp Image 2024 03 23 at 21.07.391
WhatsApp Image 2024 03 23 at 21.07.401
WhatsApp Image 2024 03 23 at 21.07.411
WhatsApp Image 2024 03 23 at 21.07.451
WhatsApp Image 2024 03 23 at 21.07.491