පාකිස්තාන රජය දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටියදී එරට විවිධ ක්ෂේත්රවල ජාවාරම්කරුවන් බදු ගෙවීම් මග හරිමින් සිය ව්‍යාපාර පවත්වාගෙන යන බවට එරට ආදායම් කාර්යාංශ වාර්තාවකින් හෙළි වී ඇතැයි වාර්තා වේ. එරට ආර්ථික විද්‍යාඥයන්ට අනුව බදු ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් පාකිස්තාන රජයට වාර්ෂිකව රුපියල් ට්‍රිලියනයක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට ආදායම් කාර්යාංශ වාර්තාවට අනුව පසුගිය කාලයේ සීනි ව්‍යාපාරිකයන් 20% සහ 25%ක බදු ගෙවීම් පැහැර හරිමින් සීනි ටොන් අටලක්ෂයක් පාකිස්තානයේ බටහිර පළාතට රැගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය එරට නීත්‍යානුකූලව ගෙන්වනු ලබන ටයර් ප්‍රමාණය 15%ක් බවත්, නීතිවිරෝධී හා ජාවාරම් මඟින් ගෙන්වනු ලබන 65%ක ප්‍රතිශතයකින් යුතු ටයර් ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදා හරිනු ලබන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රජයේ බදු ගෙවීම් පැහැර හරිමින් සිදු කරනු ලබන මෙවැනි ජාවාරම් රැසක් පසුගියදා අනාවරණය වී ඇති අතර, දුම්කොළ ක්ෂේත්රයේ නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳාම හේතුවෙන් පාකිස්තාන රජයට වාර්ෂිකව රුපියල් බිලියන 240ක බදු මුදල් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.