කැන­ඩාවේ රෝහ­ල­කදි මාරු වූ දරු දෙදෙනා වසර 70කට පසු සැබෑ ඥාතීන් අත­රට

කැන­ඩාවේ මැනි­ටොබා ප්‍රාන්ත රෝහ­ලක එකම දිනයේ උපත ලැබූ දරු­වන් දෙදෙ­නකු වැර­දී­ම­කින් එකි­නෙ­කාගේ මවුව­රුන් අතර මාරු වීමේ පුව­තක් වසර 70කට පසු අනා­ව­ර­ණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මහලු වියේ පසු­වන මේ පුද්ග­ල­යන් දෙදෙනා දශක ගණ­නා­වක් සිය ජීව විද්‍යා­ත්මක මාපි­ය­න්ගෙන් තොරව හැදී වැඩී­මත්, පර­ම්පරා ගණ­නා­වක් යන­තුරු සැබෑ උරු­ම­යන් අහිමි වීමත් හේතු­වෙන් දැඩි කම්ප­න­යට පත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉන් එක් පුද්ග­ල­යකු වන රිචඩ් බෝවේස් වැරදි වාස­ග­මක් සහි­තව කැන­ඩාවේ මිශ්‍ර ආදි වාසී උරු­ම­යක් සහි­තව බ්‍රිතාන්‍ය කොලො­ම්බියා ප්‍රාන්තයේ සිචෙල්ට් වෙර­ළ­බඩ නග­රයේ හැදී වැඩී ඇති අතර, අනික් පුද්ග­ලයා වන එඩී ඇම්බ්‍රොස් යුරෝ­පීය හා යුක්රේන සම්භ­ව­ය­කට උරු­ම­කම් කියන ආකා­ර­යෙන් ඊට කිලෝ­මී­ටර් 2,400ක් දුරින් පිහිටි මැනි­ටොබා ප්‍රාන්තයේ විනි­පෙග් නුවර හැදී වැඩී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මීට වසර කිහි­ප­ය­කට පෙර එම පුද්ග­ල­යන් විසින් අහඹු ලෙස සිදු කළ ඩීඑන්ඒ පරී­ක්ෂ­ණ­ය­කින් මේ බව අනා­ව­ර­ණය වී ඇති අතර, එය දෙපා­ර්ශ්ව­යේ­හිම දැඩි ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් සිදු­වී­මක් බවට පත්වූ බව ද වාර්තා වේ.

මේ පිළි­බඳ මැනි­ටොබා ප්‍රාන්ත අග­මැති වබ් කිනිව් ඔවුන් ප්‍රාන්ත පාර්ලි­මේ­න්තු­වට කැඳවා පෞද්ග­ලි­කව කන­ගා­ටුව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔවු­නො­වුන්ගේ උරු­ම­යන් වෙතින් ඈත්ව එකි­නෙ­කට වෙනස් පවුල් සම්භ­ව­යක සාමා­ජි­ක­යන් ලෙස මුළු ජීවිත කාල­යම ගෙවා දැමී­මට සිදු­වීම ඔවුන්ගේ පවු­ල්වල දැඩි කම්ප­න­යට හේතු වී ඇති අතර, පසු­ගි­යදා නීති­ඥ­වරු මාර්ග­යෙන් මැනි­ටොබා ප්‍රාන්ත රජය දැනු­ම්වත් කිරී­මෙන් පසු ඔවුන්ට ප්‍රාන්ත අග­මැ­ති­ව­රයා මුණ­ගැ­සී­මට අව­ස්ථාව ලැබී තිබූ බව ද වාර්තා වේ.

මේ වන විට එඩී ඇම්බ්‍රොස් සිය ජීව විද්‍යා­ත්මක ඥාතීන් අත­රට ගොස් සිටින බවත්, රිචඩ් බෝවේස් ද සිය ජීව විද්‍යා­ත්මක පවුල සමඟ එක්වී­මට සැල­සුම් කර ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. රෝහල් කාර්ය මණ්ඩ­ලයේ අත­ප­සු­වී­මෙන් සිදු වූ බර­ප­තළ වරද වෙනු­වෙන් වන්දි ලබා­ගැ­නීම සඳහා දෙදෙ­නාම නීති මාර්ග­යෙන් කට­යුතු කර­මින් සිටින බව ද වාර්තා වේ.