SL vs BAN 1st Test : තරගයේ තුන්වන දිනය අදයි

රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

තරඟයේ දෙවැනි දිනය (23) නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 211 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 23 ක් හා විශ්ව ප්‍රනාන්දු ලකුණු 2 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

නිශාන් මදුෂ්ක ලකුණු 10 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22කටත් දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා, ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කළා.