බදු පැහැර හැරී­මෙන් පාකි­ස්තා­න­යේ වාර්ෂි­ක පාඩුව රුපි­යල් ට්‍රිලි­ය­න­යක්

පාකි­ස්තාන රජය දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටි­යදී එරට විවිධ ක්ෂේත්‍ර­වල ජාවා­ර­ම්ක­රු­වන් බදු ගෙවීම් මග හරි­මින් සිය ව්‍යාපාර පව­ත්වා­ගෙන යන බවට එරට ආදා­යම් කාර්යාංශ වාර්තා­ව­කින් හෙළි වී ඇතැයි වාර්තා වේ. එරට ආර්ථික විද්‍යා­ඥ­යන්ට අනුව බදු ගෙවීම් පැහැර හැරීම හේතු­වෙන් පාකි­ස්තාන රජ­යට වාර්ෂි­කව රුපි­යල් ට්‍රිලි­ය­න­යක ආදා­ය­මක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට ආදා­යම් කාර්යාංශ වාර්තා­වට අනුව පසු­ගිය කාලයේ සීනි ව්‍යාපා­රි­ක­යන් 20% සහ 25%ක බදු ගෙවීම් පැහැර හරි­මින් සීනි ටොන් අට­ල­ක්ෂ­යක් පාකි­ස්තා­නයේ බට­හිර පළා­තට රැගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය එරට නීත්‍යා­නු­කූ­ලව ගෙන්වනු ලබන ටයර් ප්‍රමා­ණය 15%ක් බවත්, නීති­වි­රෝධී හා ජාවා­රම් මඟින් ගෙන්වනු ලබන 65%ක ප්‍රති­ශ­ත­ය­කින් යුතු ටයර් ප්‍රමා­ණ­යක් වෙළෙ­ඳ­පො­ළට මුදා හරිනු ලබන බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. රජයේ බදු ගෙවීම් පැහැර හරි­මින් සිදු කරනු ලබන මෙවැනි ජාවා­රම් රැසක් පසු­ගි­යදා අනා­ව­ර­ණය වී ඇති අතර, දුම්කොළ ක්ෂේත්‍රයේ නීති­වි­රෝධී දුම්වැටි වෙළෙ­ඳාම හේතු­වෙන් පාකි­ස්තාන රජ­යට වාර්ෂි­කව රුපි­යල් බිලි­යන 240ක බදු මුදල් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.