කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් හමුවට

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කෙරේ.

සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි.

මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, (22) එය විකාශය කෙරිණ. ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව ඔස්සේ යි. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙං හයිෂොං ඇතුළු ආරාධිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිහය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම කෙරෙහි චීන‍ මාධ්‍ය සමූහයේ ඉහළ අවධානය යොමු ව ඇත. ඒ අධිගුණාත්මක ශ්‍රව්‍යදෘශ්‍ය දත්ත හා වෘත්තීමය මාධ්‍ය නිෂ්පාදන ශක්‍යතා පදනම් කර ගනිමිනි. එසේම, කිසියම් රූපයකට අදාළ තොරතුරු අකුරු මගින් පරිගණකයට ලබා දුන්විට, ඊට සැසඳෙන රූපය නිර්මාණය කළ හැකි නව නිපැයුම් මාදිලියක් හඳුන්වා දීම කෙරෙහි ද එම බලධාරීන්ගේ අවධානය යොමු ව තිබේ.