අපි ලංකාවේ පළමු වරට ආණ්ඩුවක් හදමු ජනතාවගේ හා පාලකයාගේ අපේක්ෂාව එකක් බවට පත්වෙන – අනුර

ජනතාවගේ අරමුණු හා අපේක්ෂාවන් පාලකයාගේ අරමුණු හා අපේක්ෂාවන් සමඟ සමපාත වන පාලයනයක් රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙතෙක් කල් ජනතාව කවර ආණ්ඩුවක් හා කවර පාලකයෙක් පත්කරගත්තද, පොදු ජනතාවට තිබුණේ යහපත් අරමුණු සහ යහපත් බලාපොරොත්තු වූ බවද, එනමුත් එම පාලකයින්ට තිබුණේ ඊට පරස්පර බලාපොරොත්තු සහ පටහැනි අරමුණු බවයි අ​ද (24) කැනඩාවේ Toronto හීදී ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ.

ඒ හේතුවෙන් මෙතෙක් කල් සැමදා රටේ ජනතාවගේ අරමුණු සහ පාලකයාගේ අරමුණු දෙකක් වූ බවද, ඒ වෙනුවට ලංකාවේ පළමු වරට ජනතාවගේ හා පාලකයාගේ අපේක්ෂාව එකක් බවට පත්වෙන ආණ්ඩුවක් ජාතික ජන බලවේගයෙන් සාදන බවද ඔහු අවධාරණය කළා.

තමාට තිබෙන්නේද පොදු ජනතාවට තිබෙන අරමුණුම වන අතර වෙනත් කිසිවක් නොවන බවද, රටේ දුක්විඳින ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ලබා​ දෙන, අපකීර්තියට හා බංකොලොත් භාවයට පත්ව ඇති රාජ්‍යයට කීර්තිය හා ධනවත් භාවය රැගෙන එන, රට වෙනස් කරන ආණ්ඩුවක් ගොඩනැගීමට සියලු දෙනාට ආරාධනා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

news images
news images
news images
news images
news images
news images
news images