ජපා­නය ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක්

ජපා­න­යට අයත් දූපත් සමූ­හ­යට අයත් ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක් ස්ථාපිත කිරී­මට ජපාන රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු චින මුහුදේ ඉහළ යමින් පව­තින චීන ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් ජපාන රජය මේ පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එය ජපාන හමු­දාවේ අති­න­වීන යුද නෞකා නාශක මිස­යි­ල­යක් වන 12 වර්ග­යට අයත් බවත්, පසු­ගි­යදා ඔකි­නාවා දූප­තට ප්‍රවා­හ­නය කළ බවත් ජපාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඔකි­නාවා දූපතේ එවැනි මිස­යි­ල­යක් ස්ථාපිත කළ පළමු අව­ස්ථාව මෙය වන අතර, එම දුපත දකුණු චීන මුහුදේ අමෙ­රි­කානු ආර­ක්ෂක ක්‍රියා­කා­ර­කම් සඳහා අති­ශය වැද­ගත් ස්ථාන­යක් බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එය තායි­වා­න­යට, පිලි­පී­න­යට, බෝර්නියෝ දූපත් සමූ­හ­යට සහ මැලේ­සි­යානු අර්ධ ද්වීප­යට මුහු­ණලා පිහිටා ඇතැයි ද වාර්තා වේ.