ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි මම සිතුවේ රට ගැනයි – රනිල්

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක්  තුළින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 

news images
news images
news images
news images