රක්ත­හී­න­තා­වට ඉන්දි­යාවෙන් ලොව අඩුම මිලට ඖෂධ

රක්ත­හී­න­තාව සඳහා භාවිත කරන ගෝලීය සන්නාම සහිත ඖෂධ මිලට වඩා 99%කින් අඩු මිල­කට ඖෂධ සැපැ­යී­මට එරට ඖෂධ සමා­ග­මක් කට­යුතු කර­මින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රක්ත­හී­න­තාව සඳහා භාවිත කරන ඖෂ­ධයේ ගෝලීය සන්නා­ම­ව­ලින් යුතු මිලි­ලී­ටර් 100ක මිල ඉන්දීය රුපි­යල් 77,000ක් බවත්, ඉන්දි­යාවේ අක්රම් ඖෂධ සමා­ගම එම ප්‍රමා­ණය ඉන්දීය රුපි­යල් 600ක මිල­කට අලෙවි කිරීම සඳහා නිෂ්පා­ද­නය කර­මින් සිටින බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

රතු රුධිර සෛල­ව­ලට බල­පාන ජාන­මය ආබා­ධ­යක් වන දෑකැති සෛල රක්ත­හී­න­තාව ලෙස හඳු­න්වන මේ රෝගය අමෙ­රි­කාව, අප්‍රි­කාව සහ දකුණු ආසි­යා­තික රට­වල බහු­ලව පව­තින බවත්, මේ වන විට වෙළෙ­ඳ­පො­ළට නිකුත් වන ගෝලීය නිෂ්පා­දන මිල අධික වීම හේතු­වෙන් ඉන්දි­යාවේ බොහෝ ප්‍රාන්ත­වල එම රෝගය ආස­දි­ත­වූ­වන් දුෂ්ක­ර­තා­වට පත්ව සිටින බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.