නව­දිල්ලි මහ­ඇ­මැති අත්අ­ඩං­ගු­වට

දූෂණ වංචා චෝද­නා­වක් හේතු­වෙන් නව­දිල්ලි ප්‍රධාන ඇමැති අර­වින්ද් කෙජ්රි­වාල් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යාවේ ප්‍රධා­න­තම විපක්ෂ නාය­ක­යකු වන කෙජ්රි­වාල් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එරට මූල්‍ය අප­රාධ ඒජ­න්සිය විසින් ඔහුගේ නිවෙස වැට­ලී­මෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඔහු අත්අ­ඩං­ගු­වට ගැනීම දේශ­පා­ලන අව­ශ්‍ය­තා­වක් මත එළැ­ඹෙන මහ­මැ­ති­ව­ර­ණය ඉලක්ක කර­මින් සිදු­වූ­වාක් බවට නව­දිල්ලි ප්‍රධාන ඇමැ­ති­ව­රයා නියෝ­ජ­නය කරන ආම් ආඩ්මි පක්ෂය චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

අර­වින්ද් කෙජ්රි­වාල්ට එරෙ­හිව මත්පැන් සමා­ගම් කිහි­ප­ය­කට වාසි­දා­යක අයු­රින් කට­යුතු කිරීමේ සහ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සඳහා නීති­වි­රෝධී මුදල් භාවිත කිරීමේ චෝදනා එල්ල වී ඇත. මහ­ඇ­මැ­ති­ව­රයා එම චෝදනා ප්‍රති­ක්ෂේප කර ඇති අතර, එය විශාල කුම­න්ත්‍ර­ණ­යක ප්‍රති­ඵ­ල­යක් බව සඳ­හන් කර තිබේ.