SL vs BAN 1st Test : පළමු දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (22) අවසන් වුනා.

ඒ අනුව දිනය අවසානයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වුණා.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 248 ක් පිටුපසින් සිටිනවා.

ලකුණු පුවරුව පහතින්. 

news images