SL vs BAN 1st Test : බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 188 ක් ලබාගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 92 ක් ඉදිරියෙන් පසුවනවා.

බංගලාදේශය වෙනු‍වෙන් Taijul Islam ලකුණු 47 ක්, Litton Das ලකුණු 25 ක්, Khaled Ahmed ලකුණු 22 ක් සහ Shahadat Hossain ලකුණු 18 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 04 ක් ද, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් ද බිඳ හෙළීමට සමත් වුණා.

බංගලාදේශ කඩුළු 10 ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් දවා ගැනීම විශේෂත්වයක් වුනා.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත් අතර, එහිදී නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් ලබා ගත්තා.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images