SL vs BAN 1st Test : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 5 පන්දුවාර 16 ක් ක් තුළ බිඳ වැටුනු අතර අනතුරුව පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා හා කමිඳු මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත් වුණා.

නායක ධනංජය ද සිල්වා හා කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැඟින් ලබා සිටියදී දැවීගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 17 කට හා කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Khaled Ahmed හා Nahid Rana කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images