ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ඉල්ලා අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් ඊශ්‍රා­ය­ල­යට යයි

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊශ්‍රා­ය­ල­යෙන් ඉල්ලා සිටී­මට අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු හමු­වී­මට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමාස් සංවි­ධා­නය විසින් රඳ­වා­ගෙන සිටින ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරිම සහ මානු­ෂීය ආධාර බෙදා දීම කඩි­නම් කිරීම සඳහා එම සටන් විරා­මය ක්‍රියා­ත්මක කළ යුතු බව අමෙ­රි­කාව නිල වශ­යෙන් නිවේ­ද­නය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක කවු­න්සි­ල­යට මීට පෙර රට­වල් රැස­කින් යෝජනා කළ ගාසා තීරයේ සටන් විරා­මය නිෂේධ බලය භාවිත කර­මින් ප්‍රති­ක්ෂේප කළ අමෙ­රි­කාව මෙවැනි පිය­ව­රක් ගෙන ඇත්තේ පළ­මු­ව­රට බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ගාසා තීරයේ යුද ගැටුම් සම්බ­න්ධව එක්සත් ජාතීන්ගේ ඉල්ලී­මට අමෙ­රි­කාව සහාය දෙන පළමු අව­ස්ථාව ලෙසත් මෙය වාර්තා වේ.

ගාසා තීරයේ ඊශ්‍රා­ය­ලයේ හමුදා ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ පසු­ගිය දින කිහි­පය තුළ අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් විවේ­චන එල්ල කර තිබූ අතර, එරට රාජ්‍ය ලේක­ම්ව­රයා ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා හමු­වී­මට ගොස් ඇත්තේ එම උණු­සුම් වාතා­ව­ර­ණය මැද බවද වාර්තා වේ.

පසු­ගි­යදා එක්සත් ජාතීන්ගේ අනු­ග්‍ර­හය ලත් ආහාර සුර­ක්ෂි­තතා තක්සේරු වාර්තා­ව­කට අනුව සඳ­හන් වී ඇත්තේ ගාසා තීරයේ මිලි­යන 1.1 ක ජන­තා­වක් දැඩි සාගි­න්නෙන් පෙළෙන බවය.

ඊශ්‍රා­ය­ලය හමාස් සංවි­ධා­නය තුරන් කිරීම සඳහා ප්‍රති­ප්‍ර­හාර ආරම්භ කිරී­මෙන් පසු මේ දක්වා ගාසා තීරයේ පුද්ග­ල­යන් 31,900කට වැඩි පිරි­සක් මිය­ගොස් ඇතැයි හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර ඇත.