ගාසාහි ළමා අර­මු­ද­ලට සෙන්දි­ල්ගෙන් ලක්ෂ 5ක්

අර­මු­ද­ලට මේ වන විට රු. ලක්ෂ 71ක් ලැබිලා

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) සඳහා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් (21) පරි­ත්‍යාග කළ අයුරු.

ගාසාහි ළමා අර­මු­ද­ලට මේ වන විට රු. 7,136,412ක මුද­ලක් ලැබී තිබෙන අතර, කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් ද පසු­ගිය 28 දා ඊට රුපි­යල් මිලි­යන 3ක මුද­ලක් පරි­ත්‍යාග කළේය. සියලු අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මේ අර­මු­ද­ලට පිරි­න­මන ලෙසද රජය උප­දෙස් දී ඇත. එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යද අපේක්ෂා කරන අතර, රාම­සාන් මාසය තුළ ගාසාහි ළමා අර­මු­දල සඳහා දායක වීමට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, ඒ පරි­ත්‍යාග අප්‍රේල් 11 දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත බැර කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp මඟින් යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටියි.

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් දරු­වන්ට සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන මඟින් මේ පරි­ත්‍යාග ලබා­දී­මට අපේ­ක්ෂි­තය.