ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 21ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ බැංකුවක් අසළ ඊයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. බෝම්බ පිපිරීම සිදු වී ඇත්තේ ඊයේ උදෑසන කන්දහාර් නගර මධ්‍යයේ පිහිටි බැංකුවක් අසල බවත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාර ගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එය මේ වසරේදී ඇෆ්ගනිස්තානයේ සිදු වූ විශාලතම බෝම්බ පිපිරීම බවට එරට මාධ්‍ය සඳහන් කර ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් කර තිබේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයන් රැසක් සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකුව අසල රැස් වී සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.