සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වී තිබෙයි
මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය.
සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙයි.
නවකතා, විචාර ග්රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය ඇතුළත්ව ඔහු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ග්රන්ථ ප්‍රමාණය 54කි.
එමෙන්ම ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහා ද ඔහු ඉහළ දායකත්වයක් සපයා තිබෙයි